Sep 10, 2019

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අංක 2140/02 දරණ ගැසට් නිවේදනය ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
මේ ගැසට් නිවේදනය යටතේ ජාතික රූපවාහිනී සංස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට එක්වේ.
 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ පැවතුණි.
 
මීට ඉහත ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එතෙක් ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධුරය හෙබවූ මංගල සමරවීර මහතාගේ විෂය පථයෙන් ජාතික රූපවාහිනී සංස්ථාව ඉවත් කළ අතර රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඔහුගේ විෂය පථයට එය එක්කර තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top