Pasidol
Sathosa Ad Final Sinhala
Jan 28, 2017

' මෛත්‍රී මුදල් ඇමැති වී රවී ජනපති වෙලා' -මහින්ද

යහපාලන ආණ්‌ඩුව තුළ විධායක ජනාධිපතිවරයා මුදල් ඇමැති වී මුදල් ඇමැතිවරයා ජනාධිපති වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

නාරාහේන්පිට අභයාරාමයේ (26 වැනිදා) පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

''ආණ්‌ඩුවේ ඇමැතිවරුන් කොහෙද යන්නෙ එන්නෙ කියලා හොයලා බලන්න බුද්ධි අංශය යොදවා තිබෙනවා. ඒ තරම් ආණ්‌ඩුව අද බයවෙලා.

අපි බලයට පැමිණි වහාම බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නීතිමය පියවර ගන්නවා.

අද වන විට ගිරයට හසු වූ පුවක්‌ ගෙඩියක්‌ මෙන් මේ වන විට රට විශාල ණය උගුලකට හසු වී තිබෙනවා. මේ අවුරුදු දෙක තුළ පමණක්‌ ඇමරිකානු ඩොලර් මිලියන දහදහස්‌ පන්සියයකට වඩා ණය අරගෙන තිබෙනවා.

මේවායින් එක කාණුවක්‌, බෝක්‌කුවක්‌, ගොඩනැගිල්ලක්‌ ඉදිකර නැහැ.

අද කොළඹ නගරයේ ඉදිවෙන විශාල හෝටල් සියල්ලේ ඉදිකිරීම් ආරම්භ වුණේ අපේ කාලයේදීයි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top