Sep 10, 2019

ශවේන්ද්‍ර හමුදාවේ ලොකු පුටු කනපිට පෙරළයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාවේ ඉහළ තනතුරුවල වෙනස්කම් කිහිපයක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි 53 වැනි සේනාංකයේ සිට විධායක ජනරාල් ධුරයටත්, මේජර් ජෙනරාල් දුෂාන් රාජගුරු මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට යුද හමුදා මූලස්ථානයටත්, මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විධායක ජනරාල් ධුරයේ සිට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙසත්, මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ 53 වන සේනාංකාධිපති ලෙසත්, බ්‍රිගේඩියර් තිලක් හංගිලිපොළ යුද හමුදා පාබල පුහුණු පාසලේ සේනාවිධායක ලෙසත් වෙනස් කිරීම මේ අතරින් කිහිපයකි.

එසේම, හිටපු බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු 53 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙසත් පත්කර තිබේ.

බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල පිරිස් පාලන අධ්‍යක්ෂ ලෙසත්, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයටත් පත්කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top