Sep 10, 2019

වරාය ගුවන් පිවිසුම් මගට අගමැති අද මුලපුරයි

වරාය නගරය අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය ඉදි කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙය මෙරට කුළුණු මත ඉදිවන පළමු අධිවේගී මාර්ගය වන අතර කිලෝමීටර් 5 යි දසම 9 ක දිගකින් යුත් නව අධිවේගී මාර්ගය ඉගුරුකඩේ මංසන්ධිය අසළින් කැළණි පාලමට සම්බන්ධ කිරීමට නියමිතය.

එතැන් සිට කුළුණු මතින් වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිතය.

ආසියානු සංවර්ධන බැංකුව මගින් දුන් ණය ආධාර යටතේ ලද ඩොලර් මිලියන 300 ක මුදලක් මේ සඳහා වැය කිරීමට යෝජනා වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top