Sep 10, 2019

"මීළඟ 007 තරුව කාන්තාවක් විය යුතුයි"

හිටපු ජේම්ස් බොන්ඩ් තරුවක් වන පියර්ස් බ්‍රොස්නන් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වන 'ඒජන්ත 007' ගේ චරිතයට කාන්තාවක් විසින් පණපෙවීමට කාලය එළැඹ ඇති බවයි.

ගෝල්ඩන්අයි ඇතුළු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 4කට ප්‍රධාන නළුවා ලෙස රඟපෑ බ්‍රොස්නන් පවසා තිබුණේ කාන්තා 007 චරිතයක් දැකීම නැවුම්, ප්‍රීතිදායක හා ප්‍රබෝධජනක අත්දැකීමක් වනු ඇති බවයි.

"මෙම චරිතයට පිරිමි විසින් පණපොවණ අයුරු පසුගිය හතලිස් වසර පුරාවටම අප දැක තිබෙනවා... දැන් එතැනට කාන්තාවක් දැමිය යුතුයි," යැයි ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත්,මෙම චරිතයේ ස්ත්‍රී පුරුෂ බව වෙනස් කිරීමට ජේම්ස් බොන්ඩ් නිෂ්පාදක බාබරා බ්‍රොකෝලි එකඟ නොවෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මීළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ජැමෙයිකාවේ මෙන්ම ලන්ඩනය අසල පයින්වුඩ් චිත්‍රාගාරයේද රූගත කර ඇති අතර, සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වන ඩැනියෙල් ක්‍රේග් පස්වැනි වරටත් මෙහි ප්‍රධාන නළුවා ලෙස එක්වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top