Sep 11, 2019

ඉන්ධන මිල බස්සයි ! Featured

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් අඩු වී තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 137ක්.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර සිටියේ, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 161ක් බවයි.

සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තිරණය කර තිබේ.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 132ක් ලෙසයි.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැහැ.

Fual Price 10 09 19

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top