Sep 11, 2019

හරීන්ගෙන් තිලං­ගට ක්‍රිකට් තහ­න­මක් Featured

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් තාවකාලික තහනමක් පනවා තිබේ.

ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීම වළක්වා ඇති බව වාර්තාවේ.

තිලංගට පිළියන්දලින් විරෝධතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සාමා­ජික සංග­ම­යක් වන පිළි­ය­න්දල ක්‍රීඩා සමා­ජය විසින් ඇමැ­ති­ව­ර­යාට එවූ විරෝ­ධ­තා­වක් සලකා බලා මේ තාව­කා­ලික තහ­නම නිකුත් කොට තිබේ.

එම ක්‍රීඩා සංග­මය විරෝ­ධ­තා­වෙන් පෙන්වාදී ඇත්තේ පසු­ගි­යදා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා නිකුත් කළ ගැසට් පත්‍ර­යක් අනුව සුම­ති­පාල මහ­තාට ක්‍රිකට් විධා­යක කමිටු සාමා­ජි­ක­යකු ලෙස තන­තු­රුක් දැරිය නොහැකි බවයි.

ඔට්ටු හා සූදු කාරයන්ට බෑ

ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපා­ර­යක නියැලී සිටින තැනැ­ත්තෙක් හෝ ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යෙක් ක්‍රීඩා කමි­ටු­වක සාමා­ජි­ක­ය­කු­වීම හෝ නිල­තල දැරීම නුසු­දුසු බව ඇමැ­ති­ව­රයා නිකුත් කළ ගැසට් නිවේ­ද­න­යෙන් ප්‍රකාශ වූ අතර එය ක්‍රීඩා පනත සමග කිය­විය යුතු ක්‍රීඩා නියෝ­ග­ව­ලට ඇතු­ළත් කොට තිබිණි.

ඒ අනුව ඉදිරියටත් තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top