Sep 11, 2019

JMI සාමාජිකයින් 11ක් වැඩිදුර විමර්ශනයට TIDයට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත මෙම සැකකරුවන් අම්පාර පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් දින 90 ක රැඳවුම් නියෝග මත සිදුවන විමර්ශන සඳහා එලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමට පියවර ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top