Sep 11, 2019

පකිස්තානයට ක්‍රීඩකයින් නොයෑමට ඉන්දීයාවේ බලපෑමක් නෑ

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාකිස්තාන තරඟ සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විටත් සකස් කර ඇති බවත් අනිකුත් තරඟ කරුවන්ගේ තීරණයට තමන් ගරු කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා ගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

පාකිස්තාන සංචාරයට ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් 10ක් එක්නොවීමට තිරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top