Sep 11, 2019

බැටික්ලෝ කැම්පස් 1ට සල්ලි දුන් අය ගැන සෞදියෙන් විමසයි Featured

බැටික්ලෝ කැම්පස් ආයතනයට මුදල් දුන් බව කියන සෞදි සමාගම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා නොවීම හේතුවෙන් ගනුදෙනු සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් විමසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා එම විමසීම සිදුකිරිමට පියවර ගෙන ඇති බවයි.

බැටික්ලෝ කැම්පස් ආයතනයට රුපියල් බිලියන 4.5ක් ලැබී ඇති අතර ඉන් රුපියල් බිලියන 3.6ක් සෞදි අරාබි ආයතනයෙන් ලැබී ඇති බවට අනාවරණ වී ඇති අතර එම මුදල්වලින් මේ වන විට රුපියල් 36000ක් පමණක් ඇති බව පැවසේ.

මෙරට බැංකු ගිණුම් 7ක් හරහා අදාළ ගනුදෙනු සිදුව ඇති අතර, එම මුදල් වෙනත් කටයුතු සඳහා යොදා ඇත්දැයි විමර්ශනය කරන බව ද එම කණ්ඩායම් ප්‍රකාශ කර ඇත.

කැම්පස් 1ට තියෙන ඉඩම් මොනවාද ?

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය ස්ථාපිත ඉඩම සම්බන්ධයෙන් ද විමර්ශනයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ, අදාළ ඉඩම 2013 වසරේ සිට බලපැවැත්වෙන පරිදි 2018 වසරේදී දීර්ඝ කාලීන ඔප්පුවකින් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට පවරා ගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.

2013 වසරේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අදාළ ඉඩම නිදහස් කරනු ලබන්නේ, හිරා ෆවුන්ඩේෂන් ආයතනය වෙනුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top