Sep 11, 2019

පෙරහැරට අලි ඇතුන් ‌යොදාගැනී ම බුදු දහමට නිගාවක් - සෝභිත හිමි

අලි ඇතුන් යොදාගනිමින් ‌පෙරහැර පැවැත්වී‌මේ ක්‍රමය බුදු දහමට ‌අගෞරවයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පවසයි.

පෙරහැරවල්වලට අලි ඇතුන් යොදා ගැනීමේ ක්‍රමය ඉවත ‌කොට ඒ‌ ‌වෙනුවට ආදේශකයක් ලෙස අලංකාර රන්සිවිගෙයක් සකස් කරන ලෙස යෝජනා කරන බවත් උන් වහන්‌සේ සඳහන් කළේය.

උන්වහන්‌සේ වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"වර්තමානයේ අලි ඇතුන්ට විශාල වශයෙන් හිංසා පීඩා සිදුවන ආකාරයෙන් පැවැත්වෙන පෙරහර සංදර්ශනය බුදුදහමට අවමානයක් වන තත්වයට වර්ධනය වී තිෙබනවා. සංස්කෘති‌යේ අරමුණු මුල් කරගෙන හෝ යම් සත්ව හිංසාවක් වනවානම් අපි ඒ හිංසාවන් පිටුදැකිය යුතුයි.ඒ නිසා පෙරහරේ ගෞරවයත් රැකගෙන අලි ඇතුන්ට සිදුවන හිංසාවන් වලක්වා‌‌ගෙන වඩා බුද්ධිමත්ව හා ධර්මානුකූලව පෙරහැර සංස්කෘතියක් නිර්මාණය කිරිමට කාලය එළඹිලා තියෙනවා.

දම්වැල් බැඳගෙන තුවාල. ලෙඩරෝන තියන අලි ඇතුන් පවා අද පෙරහැරේ ගෙනියනවා. අලි ඇතුන් පෙරහරේ ‌යෙදවීම ‌වෙනුවන් ඒම හිමිකරුවන්ට දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් හිමිවෙනවා. මේ මුදල් ලබාගැනීම ‌වෙනුවෙන් මේ සතුන්ගේ සෞඛ්‍යය මට්ටම බලන් නැතුව ‌පෙරහරේ යොදවනවා.සතුන්ගේ සුබසාධනය ගැන නොසිතා එම සතුන් ‌පෙරහැ‌රේ ‌යොදවන්නන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.යුද්ධය සඳහා, ගමනාගමනය සඳහා ප්‍රවාහනය සඳහා අතීතයේ දී සතුන් ‌යොදාගත්තා.දැන් එ‌හෙම තත්වයක් නැහැ. ඒ නිසා මේ ‌පෙරහැරවල්වලට අලි ඇතුන් යොදාගැනීමේ දී යම් නවීකරණයක් අවශ්‍යයයි. ඇතුන්ගේ අවශ්‍යතාව වෙනුවට ආදේශකයක්
විදියට අලංකාර රන්සිවි ‌ගෙයක් සකස් කරන්න කියලා මම යෝජනා කරනවා"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top