Sep 12, 2019

ශ්‍රීලන්කන් ඇපල් සමාගමේ පරිගණක කිහිපයකට තහනමක් දාලා Featured

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත මැක්බුක් ප්‍රෝ වර්ගයේ පරිඝණක මාදිලි කිහිපයක් සිය ගුවන් යානා තුල රැගෙන යාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ.

මැක්බුක් ප්‍රෝ අගල් 15 කාණ්ඩයේ යල් පැන ගිය පරිඝණකවල බැටරිය අධික ලෙස උණුසුම්වී ගිනි ගැනීමේ අවධානමක් පැවතීම ඊට හේතුව බව පැවසේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2017 වසරේ පෙබරවාරි මාසය දක්වා අලෙවි මැක්බුක් ප්‍රෝ වර්ගයේ පරිඝණක සඳහා මෙම රෙගුලාසි බලාත්මක වනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම් දෙන්නේ ඇපල් සමාගම හරහා සිය මැක්බුක් ප්‍රෝ මාදිලි ආරක්ෂිතද යන්න තහවුරු කරගන්නා ලෙසයි.

එවැනි තහවුරු කිරීමක් නොමැති ඇපල් මැක්බුක් ප්‍රෝ අගල් 15 කාණ්ඩයේ පරිඝණක සිය ගුවන් යානාවලට ගෙන ඒමට අවසර නොදෙන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top