Sep 12, 2019

සමාජ ජාලා දැඩි නිරීක්ෂණයකට Featured

ඉදිරි ජනාධිපතිවරණ කාල සීමාවේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන්නැයි ජාතික මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දීමක් කර තිබේ.

ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදීය.

විවිධ පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ සටහන් හා වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ ප්‍රවණතාව මේ වන විට ඉහළ ගොස් ඇති බව ඔවුන් සදහන් කරයි.

ඡන්දෙට FB හා Twitter දහස් ගණනක් හදලා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කර ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඉදිරි මැතිවරණ කාලසීමාවේදී ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සහ ට්විටර් ගිණුම් නිර්මාණය කිරීම තුළින් සිදුකරන විවිධ අපහාස සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගැනීමට කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top