Sep 12, 2019

ගෝඨාගේ පෙත්සමට අභියාචනාධිකරණයේ අවසර

තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ පෙත්සමේ ඉල්ලීම්වලට අභියාචනාධිකරණය අද (12) අවසර දුන්නේ ය.

ඒ අල්ලස් කොමිසම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව පවරා ඇත්තේ එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව බැවින් එම නඩුව පැවරීම නීත්‍යනූකූල නොවන ක්‍රියාවක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිගනිමිනි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යාමේ හැකියාවක් අල්ලස් කොමිසමට හිමි නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top