Sep 15, 2019

මැකෝට ඡන්ද කරන්න අද සිට බලය පැවරෙයි  Featured

මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමේ බලය අද (15) සිට මැතිවරණ කොමිෂමට පැවරේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම ඡන්ද විමසීම පැවැත්වීම, මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීම යන කරුණු සදහා මැතිවරණ කොමිෂමට බලය තිබේ. 

ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා කැදවීම ලබන මස 16 වැනිදායින් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන්ද ස්වාධීන තීරණයක් ගන්නා බව ඔහු කියා සිටීත

මෙවර මැතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය කටයුතු කරන ආකාරය නියාමනයට ද පියවර ගෙන ඇත. 

ජනාධිපතිවරණයේදි මාධ්‍ය ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top