Sep 15, 2019

වැසි තත්ත්වය තවත් දින කිහිපයක් Featured

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසීය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යාහැකි බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80ක් පමණ දක්වා වැඩි විය හැකි බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top