Sep 16, 2019

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අවදානමක් Featured

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රියන්ත කොඩිප්පිලි මහතා පැවසීය.

ඉදිරි පැය 24 තුල තදවැසි

මේ අතර ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යමසහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සඳන්හන් කළේය.

ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100ටවැඩි තදවැසි ඇතිවිය හැකියි. මේ අතර ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top