Sep 16, 2019

ජවිපෙ සීනුව අතහරියි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදී සූදානම් කර තිබූ ජනහමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ස්වේච්ඡා සංවිධාන 30ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද ඔහු කියා සිටියේය.

මෙරට දේශපාලනය කරන කිසිදු අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර අන් අයට ගරු යන නාමය ලබා දිය නොහැකි බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයාට අගමැතිවරයාට ගරු යන නාමයෙන් හඳුන්වන්නේ මෝඩයා සහ වන්දිභට්ටයන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top