Sep 16, 2019

තෙවරප්පෙරුමට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනා ඇප මත නිදහස් කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තබේ.

අධිකරණ නියෝගයකට එරෙහිව මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මෘත දේහයක් මිහිදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලු 6 දෙනෙකු අද(16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය පසුගිය 10 වැනිදා නියෝග කළාය.

නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ සැකකරුවන් 6 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top