Sep 16, 2019

ඩ්‍රෝන ප්‍රහාරය නිසා තෙල් මිල ඉහළට

පෙරේදා දින සවුදි අරාබියේ තෙල් කර්මාන්ත ශාලා වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් හේතුවෙන් ලෝක තෙල් ඉල්ලුමෙන් 5%ක් පමණ අහිමි වී තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රහාර වලින් අනතුරුව මාස 4ක කාලයක් තුළදී තෙල් මිල ඉහළම මට්ටමට නැග ඇත.

මේ අනුව බ්‍රෙන්ට් කෲඩ් බැරලයක මිල 19% කින් ඩොලර් 71.95 ක් දක්වා ඉහළ ගිය අතර අනෙක් ප්‍රධාන මිණුම් දණ්ඩක් වන West Texas Intermediate හි බැරලයක් 15% කින් ඉහළ ගොස් ඩොලර් 63.34 ක් විය.

කෙසේවෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු සංචිත නිදහස් කිරීමට අවසර දීමෙන් පසු මිල සුළු වශයෙන් අඩු විය.

කෙසේවෙතත්, ප්‍රහාරයට ලක්වූ සවුදි කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇති බව පැවසේ.

සවුදි අරාබියේ සවුදි අරම්කෝ සමාගම පවසා තිබුණේ ප්‍රහාරය හේතුවෙන් දිනකට බැරල් නිෂ්පාදනය මිලියන 5.7 කින් අඩු වූ බවයි.

මෙම ප්‍රහාර වලින් ලොව විශාලතම පෙට්‍රෝලියම් සැකසුම් මධ්‍යස්ථානයට හානි සිදුවිය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ ප්‍රහාර පිටුපස ටෙහෙරානය සිටින බවයි. ඇමෙරිකාව "වංචාවක්" සිදුකරන බවට ඉරානය චෝදනා කර තිබේ.

කෙසේවෙතත්, පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ වැරදිකරු කවුරුන්ද යන්න ඇමරිකාව දැනගෙන සූදානම් ව සිටින නමුත්, ඉදිරි පියවර තැබීමට අවශ්‍ය ආකාරය පිළිබඳව සෞදි අරාබියේ මතය එනතෙක් බලා සිටින බවත්ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top