Sep 17, 2019

GMOA හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

විධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා හෙට (18) වැනිදා පෙරවරු 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ කැබිනට් පත්‍රිකාවට අද (17) අනුමැතිය ලබා දී නොමැති වුවත් ලබන (24) වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත වීමට ඉඩ තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එදිනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුවහොත් (25) වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top