Sep 17, 2019

පිස්තෝල සෙල්ලම් දැමූ තවත් පොහොට්ටු සභාපති කෙනෙක් අත්අඩංගුවට 

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අමරසිරි නාරංගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ, පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී රිවෝල්වරයක් පෙන්වා මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
 
පොලීසිය ප්‍රකාශ කළේ, සැකකාර සභාපතිවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවය.
 
ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top