Sep 19, 2019

කුඩු රොෂාන් ඇතුලු 13 යලිත් රිමාන්ඩ්

කොළඹ මාදම්පිටිය පොදුසුසන භුමිය අසලදී ආනමාලු රංග සහ මෙහොමඩ් ඉම්රාන් නැමති පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා කපා කොටා ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුඩු රොෂාන් ඇතුලු සැකකරුවන් 13දෙනා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචානා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

එම සැකකරුවන්ගේ හදුනාගැනීමේ පෙරට්ටුවක් අද පැවැත්වීමට නියමිතව තිබුනද එය කල්දැමීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ හදුනාගැනීමේ පෙරට්ටුව ලබන 13 වැ නිදා පැවැත්වීමට සැකකරුවන් ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචානා නෙරංජනා ද සිල්වා මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට නියොග කර ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top