Sep 20, 2019

ඇල්පිටිය ඡන්දය පවත්වන්න ගොනු කළ පෙත්සම කල් යයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී වගඋත්තර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ නොතිසී තමන් වෙත නිසි පරිදි ලැබි නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් පෙත්සම්කරුවන්ට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 24 වනදා සිදුකරන බව නියම කළේය.

ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top