Sep 21, 2019

ඡන්දය දාන්න බයනම් වෙනත් මධ්‍යස්ථානයක්

යම් තත්වයක් හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වෙතැයි කිසියම් ඡන්ද දායකයකුට සාධාරණ බියක් ඇත්නම් ඔහුට ඒ සඳහා වෙනත් මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඒ සඳහා ඉල්ලුම්පත් සියලුම දිසාපති කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකිව තිබේ.

එම ඉල්ලුම්පත් මේ මස 25 වැනි දින හෝ ඊට පෙර මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top