Sep 21, 2019

නෙළුම් කුලුණ ගැන ALIT සමාගමෙන් නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුණ ඉදිකිරීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ඇලිට් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාව ඇලිට් සමාගමට රුපියල් බිලියන 2ක අත්තිකාරම් මුදලක් ගෙවූ බවත් එය ගෙවූ ඇලිට් සමාගම හෝ එම රුපියල් බිලියන 2ට සිදුවූ දෙයක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඇලිට් සමාගම මුලින් සඳහන් කළ ලිපිනයේ නොවන වෙනත් ලිපිනයක සිට මේ වන විට ව්‍යාපාර කටයුතු කටයුතු සිදුකරන බව තහවුරු වී ඇත.

ඔවුන් සඳහන් කරන්නේ නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවය.

ඇලිට් සමාගම විසින් එවන ලද නිවේදනය පහතින් දැක්වේ.

Alit 670px 19 09 21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top