Sep 21, 2019

නිකාබ්, බුර්කා, මුහුණු ආවරණ හා හිස් වැසුම් තහනම ඉවතට

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බල නොපැවෙත්වෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

අදාළ ලිපිය යොමු කරමින් විනය හා කල්ක්‍රියා නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.

ඒ අනුව නිකාබ්, බුර්කා, මුහුණු ආවරණ හා හිස් වැසුම් පැලදීම පිළිබඳ නීතිය ද ක්‍රියාත්මක නොවන බව අදාළ ලිපිය මඟින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top