Sep 21, 2019

එජාප අපේක්ෂකයා තෝරණ වාර්තාව සඳුදා අගමැති අතට 

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිණිස පක්ෂනායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව ලබන සඳුදා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්  සමඟ දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන් මෙහි සාමාජිකත්වය දරති.

ඔවුන් පක්ෂයට සුදුසු අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව පැවසේ. 

එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන ඇති නවතම සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට එජාප හිතවාදී පක්ෂවල මතයද විමසා මෙයට අදාළ නිර්දේශ එම කමිටුව විසින් සකස් කෙරෙන බව අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top