Sep 23, 2019

රනිල්, සජිත් හා කරූගේ රහස් සාකච්ඡාව

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊයේ (22) කතානායක කරූ ජයසූරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නොවන බවත්, රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් පමණක් එහිදී අවධානය යොමු කළ බවත්, සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යට පවසා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කතානායක නිල නිවසේදී ඊයේ පෙරවරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

පැය 02කට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් පල කළේය.

කෙසේවෙතත් කරු ජයසූරිය මහතා පසුගියදා නිවේදනය කළේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට තමන්ට ලැබී ඇති කවර ඉල්ලීමක් වුවද සලකා බැලිය හැක්කේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top