Sep 23, 2019

ජනපතිවෙන මග KP කියයි

නොවැම්බර 16 ඡන්දය දාන්න හිමිකම් ඇති (ද්විත්ව පුරවැසි බව තියෙන අයද ඇතුළත්ව) සංඛ්‍යාව මිලියන 15.5 කි. 

පසුගිය 2015 ජනවාරි මැතිවරණයේදී ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට 81.5 කි. එනම් මිලියන 12.3 කි.
මෙදා එළෙසින් සියයට 81.5 ක් ඡන්දය දාන්න නොයනු ඇත.
උතුරු-නැගෙනහිර ජනතාවට සිංහල දේශපාලන නායකයින් ගැන පුදුමාකාර අප්‍රසාදයක් ඇත. එබැවින් මෙවර දෙමළ ජාතික සන්ධානයට හා මුස්ලිම් දේශපාලන නායකයින්ට ඒ ජනතාව උනන්දු කරවීම පහසු නැත.
රටේ සෙසු පළාත්වල මුස්ලිම් ජනතාවද ගියවර මෙන් රොත්ත පිටින් ඡන්දය දාන්න යෑමේ හැඩයක් නැත.
නාගරික හා අර්ධ නාගරික සිංහල ජනතාව අතරත් ගියවර තිබූ උණුසුම වෙනුවට ඇත්තේ කළකිරීමකි.
මෙවර ඡන්දය භාවිත කරන ප්‍රතිශතය එබැවින් සියයට 75 ක් පමණ විය හැක.
සියයට 75 ක් යනු මිලියන 11.6 කි.
ඉන් සියයට 74 ක් සිංහලයින්ය. එය මිලියන 8.6 කි.
ඉන් සියයට 70 ක් සිංහල බෞද්ධයින්ය. එය මිලියන 6.02 කි.
මේ සිංහල බෞද්ධ ඡන්ද නියත වශයෙන්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර හා යම් ප්‍රමාණයක් අනුර කුමාර අතර අඩු වැඩි වශයෙන් බෙදෙනු ඇත.
ජනාධිපතිවරණය දිනීමට නම්, භාවිත වූ ඡන්ද වලින් සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් ලැබිය යුතු ය. එනිසා ජයග්‍රාහි අපේක්ෂකයා මිලියන 11.6 න් මිලියන 5.8 ට වැඩිය ගත යුතුය.
එය ගියවර මිලියන 12.3 න් මහින්ද රාජපක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව වන මිලියන 5.7 ට වඩා ලක්ෂයක් ඉක්මවන ඡන්ද සංඛ්‍යාවකි.
මෙවරද එය ගත හැක්කේ දකුණේ සිංහල බෞද්ධ ඡන්ද බෙදුනු පසු වතුකරයද ඇතුලුව දෙමළ හා මුස්ලිම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකි අපේක්ෂකයෙකුට පමණි.

කුසල් පෙරේරා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top