Sep 27, 2019

ඇවන්ට්ගාර්ඩ් නඩුවේ 5කට ඇප Featured

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී.ඇවන්ට්ගාර්ඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් පස් දෙනකු ඇප මත මුදාහැරීමට අද (27) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

ඒ අනුව විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර ඇතුළු පස් දෙනෙකු මෙසේ ඇප මත මුදා හැරීමට ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

ඒ අනුව එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීමද තහනම් කළ අත ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට ට ද නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහධිකරණය මගින් ඇප මත මුදාහැර ඇති තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු  අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් ද පෙර ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

අනතුරුව නඩුව නැවත ලබන නොවැම්බර් මස 8 වැනිදා කැඳවීමට ද නියම කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top