Sep 28, 2019

සම්පත් බැංකුවට කෝටිපති වංචාව ගැන ප්‍රශ්නාවලියක්! Featured

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ මූල්‍ය වංචාවට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට පසුගිය 26 වැනිදා නියෝග කළේය.

සම්පත් බැංකුවේ වංචාවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සම්පත් බැංකුව වෙත යොමුකරන ලෙස දක්වමින් ්‍රශ්ණාවලියක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥවරුන් අධිකරණයේදී එකඟතාවය පළ කළේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභි හෙළ වෛද්‍යවරයෙකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව හෙළිදරව් කර ගෙන තිබුණි.

සම්පත් බැංකුව විසින් තමාව රුපියල් මිලියන මය කට අධික මුදලක් වංචා කරන ලදැයි සඳහන් කරමින් ව්‍යාපාරික කාන්තාවක් ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම නඩුව ලබන නොවැම්බර් 14 වැනිදා ළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධම්මික අභයගුණවර්ධන, එරංග පෙරේරා යන මහත්තුරුන් සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය විසින් සම්පත් බැංකුව වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණාවලිය පහත දැක්වේ.

  1. මගේ සේවාදායක වන කැලුම් හර්ෂ කමල් වීරසිංහ යන අයට අයත් අංක 021150001002 darana පුද්ගලික ජංගම ගිණුමට හා මාගේ සේවාදායක අධ්‍යක්ෂ ධූරය දරන ලද කේ. කේ. එස්. ඔටෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට අයත් අංක 201110001336 දරණ ජංගම ගිණුම සම්බන්ධව ලබාදී ඇතැයි කියනු ලබන බැංකු අයිරා පහසුකම් ලබාදීමේ දී ඒ සඳහා ඇපකර (Collaterals) ලබාගෙන ඇත්තේද?
  2. එකී අයිරා පහසුකම ලබා ගැනීම සඳහා කැළුම් හර්ෂ කමල් වීරසිංහ යන අය විසින් ඉල්ලුම් කර ඇත්තේද?
  3. එසේ ඇපකර ලෙස කුමන ඇපකරයක් තබාගෙන ඇත්තේ ද? එකී ඇපකරයන් දී ඇතැයි කියනු ලබන බැංකු අයිරා පහසුකම ප්‍රමාණවත් ඇපකරයන් වන්නේද? නොඑසේ නම් කුමන පදනමකින් මෙකී බැංකු අයිරා පහසුකම් ප්‍රදානය කර ඇත්තේ ද?
  4. එකී බැංකු අයිරා පහසුකම් ලබා දීමේදී බැකුවේ අභ්‍යන්තර නීති රීති වලට පටහැනි සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති විධිවිධාන අනුගමනය කර නොමැතිව මෙකී බැංකු අයිරා පහසුකම් ලබාදී ඇත්තේද?
  5. එකී අයිරා පහසුකම් ලබාදීම සඳහා සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අනුමැතිය ලබාදී ඇත්තේද?
  6. එසේ නම් එකී සම්පත් බැංකුව විසින් මෙම බැංකු අයිරා පහසුකම් බැංකුවේ අභ්‍යන්තර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමෙන් වංචනිකව ක්‍රියාකර ඇත්තේ ද නැතහොත් වංචාවට දායකවී / අනුබල දී ඇත්තේ ද?
  7. මාගේ සේවාදායක විසින් සිය පුද්ගලික සමාගම හරහා ගෙන්වන ලද වාහන ආනයනය කිරීමේ දී සම්පත් බැංකුව විසින් විවෘත කරන ලද ණයවර ලිපි මොනවාද යන්නත්, එකී ණයවර ලිපි අනුව ගෙන්වන ලද වාහන වල විස්තර මොනවාද යන්නත්, එකී ණයවර ලිපි නිකුත් කිරීමේදී ඇපකරයක් ලෙස එකී වාහනවල රේගු නිෂ්කාශනය කිරීමේ ලිපි ලේඛන බැංකුව භාරයේ තබා ගන්නා ලද්දේද යන්නත්, එකී ණයවර ලිපි අනුව ගෙන්වන ලද වාහන විකුණන ලදුව ලියා පදිංචි කර ඇත්තේ ද යන්නත්, එකී ණයවර ලිපි වලට අදාල මුදල් එසේ ගෙවීමේදී එකී ණය මුදල් අයකර ගෙන ඇත්තේ ද යන්නත්, එකී ණයවර ලිපි වලට අදාල සියලු විස්තර.

සබැඳි පුවත්

සම්පත් බැංකු වංචාවේ මහ මොළකරුවන් ලඟදීම අත්අඩංගුවට !

සම්පත් බැංකු වංචාව යලිත් කරළියට, සැඟවුණු සැකකරුවෝ අත්අඩංගුවට

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මූල්‍ය වංචාව ගැන CID යෙන් පුළුල් පරීක්ෂණයක් !

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන්

සම්පත් බැංකුවේ වංචාව හෙළිවේ කෝටිපති තැන්පත්කරුවෝ බැංකුව හැර යති

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top