Sep 28, 2019

නාම යෝජනා සමඟ පිල්මාරු කිහිපයක් Featured

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමත් සමඟ ප්‍රධාන කඳවුරු දෙක අතර දේශපාලන පිල්මාරු කිහිපයක් සිදුවීමට යන බව වාර්තා වේ.

මේ සඳහා දෙපාර්ශවය ම ඇතැම් සාමාජිකයන් තැනටම හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ කලකිරීම් මතවාද නොසලකා හැරීම යනාදී කරුණු නිසා මේ අය පිල්මාරු කරන බව කියති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් කීහිපදෙනෙකු මෙලෙස පිල් මාරු කරනු ඇතැයි දැනගන්නට ඇත.

නාමයෝජනා භාර දීමත් සමඟ එම පිල්මාරු සිදුවන බව කියති.

මේ අතර, ඉදිරියේදී පක්ෂ මාරු කිරීමට සූදානම් වන බවට නම් කරමින් එක් එක් පක්ෂවල සිටින මතවාදී ගැටුම් ඇති ප්‍රබලයන් කිහිප දෙනෙකු ඉල්ලක්ක කර මාධ්‍ය වාර්තා පල කිරීමට ද අදාළ ප්‍රධාන දේශපාලන පක්ෂවල මාධ්‍ය කණ්ඩායම් සැරැසී සිටින බව වාර්තා
වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top