Sep 28, 2019

ඇල්පිටිය ඡන්දයට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළව ජාතික මැතිවරණවලදී මෙන් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්ද දායකයින් සදහා වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිතා කිරිමට අවශ්‍ය නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ආයතන සංග්‍රහයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවම කාලය පැය 2කට නොවඩු කාලයක් ලෙසද ඡන්ද ප්‍රකාශ කිරීමට යාම සඳහා අවශ්‍යයැයි සිතෙන කාලයක් සදහා වැටුප් අඩු කිරිමක් නොමැතිව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවය.

ඡන්දය භාවිත කිරිම සදහා තම සේවා ස්ථානයේ සිට ඡන්ද පොලට යා යුතු දුර ප්‍රමාණය කිලෝමිටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක් ද, කිලෝමීටර් 40ත් 100ත් අතරනම් එක් දිනක් ද කිලෝමීටර් 100ත් 150ත් අතරනම් දින එක හමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කර සිටියි.

ඡන්දය දාන්න පිළිගත් අනන්‍යතා පත්‍රයක් තිබිය යුතුයි

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පත, වලංගු ගමන් බලපත, වලංගු රියදුරු බලපත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පූජ්‍ය , පූජක හැඳුනුම්පත හා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ විශේෂ හැඳුනුම්පත ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු වන බව එම කොමිසම සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top