Sep 28, 2019

ශ්‍රීලනිප පොහොට්ටුවට එකතු වෙන්න ලියුම හදයි ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට අදාළව දෙපාර්ශවය අතර අත්සන් තැබීමට නියමිත ලියවිල්ල මේ වනවිට සකස් කර ඇතැයි වාර්තා වේ.

ඉරිදා ලංකාදීප පුවත්පතේ තිරය පිටුපස තීරයෙන් මේ බව හෙළි කර තිබේ.

එහි දැක්වෙන්නේ නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය ඇතුළු බහුතරයේ බලපෑම මත මේ එකඟතාව සිදු වන බවද එහි දැක්වේ.

ඒ අනුව පසුගිය සදුදා ජනපති වරයාගේ උපදෙස් මත නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය හා තිලංග සුමතිපාල යන විසින් අදාල එකගතා ලිපිය මධ්‍යම රාත්‍රිය වන තුරුම සැකැසූ බවද පැවසේ.

පසුව අදාළ ලිපිය සමඟ නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය හා තිලංග සුමතිපාල මෙන්ම දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුද ජනපතිවරයා හමුව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top