Sep 30, 2019

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දීමට ජනතාවට අවස්ථාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

ඒ ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති කොමිසම වෙතය.

කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ එලෙස ඉදිරිපත් කරන සියලුම තොරතුරු ඔක්තෝම්බර් 14 වනදින හෝ ඊට පෙර ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව, 1වන මහල , බ්ලොක් අංක 5, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ 7යන ලිපිනයට තැපෑලෙන් යොමුකරන ලෙසය.

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මාලාව පිළිබඳ විමර්ශණයට පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය 21 වැනිදා වන අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතා එහි සභාපතීත්වය දරනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top