Sep 30, 2019

දුම්රිය වර්ජනය නවත්ත ගන්න සාකච්ඡාවක්

දුම්රිය වැඩ වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ඇමැති අනු කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වේ.

දුම්රිය වර්ජනයට දින 5ක් ගතවී තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියි.

අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සුබදායක විසඳුමක් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top