Oct 02, 2019

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සහය සජිත්ට

ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ සහයෝගය පළ කිරීමට ඇමැති මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයන් අතර කඳුරට නව ගම්මාන හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (01) පැවති සාකච්ඡාවදී මෙම තීරණයට එළැඹ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාධා ක්‍රිෂ්ණන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කෙළේ කඳුකරයේ ජනතාවට මේ වන විට මතු වී තිබෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් වන වතුකරයේ ජනතාවගේ නිවාස, ජලය, සනීපාරක්ෂක පහසුකම්, දෛනික වැටුප් වැඩි කිරීම, රැකියා ප්‍රශ්නයට විසදුම් ලබාදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ ඉදිරියේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරන බවයි.

ඒ සමඟම එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට එකතුවිය යුතු කරුණු පිළිබඳ එම දෙමළ ප්‍රගතිශිලි පෙරමුණේ පක්ෂ සාමාජිකයින් සාකච්ජා කැර තිබේ. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක අැමැති මනෝ ගනේෂන්, නියෝජිතයින් වන පලනි දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, අරවින්ද කුමාර්, චන්ද්‍රා ශාෆ්ටර්, ඇන්තනී ලෝරන්ස්, සරස්වතී ශිවා, උදය කුමාර්, අනූෂා චන්ද්‍රසේකරන්, විජය සන්දිරන් යන පිරිස සහභාගී වුහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top