Pasidol
Sathosa Ad Final Sinhala
Jan 29, 2017

නිෂා බිෂ්වාල් සහ සැමන්තා පවර් ඉවතට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත්කර ඇත. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවයි.

2014 වසරේ ජනවාරි මස 24 වනදා සිට ඇය එම තනතුරේ කටයුතු කළාය.

නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර ඇත.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 28 වැනි අමෙරිකානු තානාපතිවරියයි.

2013 වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට ඇය එම තනතුරේ කටයුතු කළාය.

සැමන්තා පවර් වෙනුවට නිකී හැලී පත්කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top