Oct 07, 2019

ගෝඨාගේ ලිපිවල අව්‍යාජ බව “මානව" මැකෝගෙන් විමසයි Featured

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බවත්, එම ඉල්ලුම් පත්‍රයට අදාළව, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඔහුගේ ලියවිලිවල අව්‍යාජත්වය හෙළිකරන ලෙස නම හෙළි නොකරමින් තොරතුරු දැනගැනීමේ අයැදුම්පතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යොමුකර ඇති බව වාර්තා වේ.
මෙසේ නම හෙළි නොකර අදාළ අයැදුම්පත ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය  සහතික කිරීමේ ලේඛණය සහ නව හැඳුනුම්පතක් ලබා ගැනීමෙන් අවලංගු වූ පැරණි ජාතික හැඳුනුම්පත භාවිතා කොට 201720182019 යන වර්ෂ සඳහා වූ ඡන්ද නාම ලේඛණ වල  ලියාපදිංචි වී තම ඡන්දය භාවිතා කිරීම, මෙරට පුරවැසියන් දෙදෙනෙකු විසින් අභියෝගයට ලක කිරීම හේතු ඉදිරිපත් කිරීමකින් තොරව අභියාචනාධිකරණය විසින් ප්‍රත්ක්ෂේප  කිරීමත්, අදාළ තීන්දුව ලබාදීමෙන් පසු පැමිණිලිකරුවන්ට එරෙහිව මරණීය තර්ජනය එල්ල වූ පණිවුඩ රාශියක් සමාජ මාධ්‍යයන් ඇතුළු මාධ්‍යය ප්‍රවාහයන් රාශියක ප්‍රසිද්ධ වීමත් නිසා බව ඊමෙල් පනිවුඩයක් යොමුකරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා ඇති බව පැවසේ.
 
ඒ සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍යය අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති ප්‍රකාරව මා හට ඇති අයිතියට ගරු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වෙනු ඇතැයි ද මානව නැමැති මෙම අයැදුම්පත ඉදිරිපත් කළ අය දැන්වා ඇතැයි වාර්තා වේ.
 
එසේම, මෙම අයදුම්පත පොදුජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස සලකා ඊට අදාළ නිවැරදි තොරතුරු ලබාදීමට මැතිවරණ කොමසාරිස් තුමා ඇතුළු ශ්‍රී ලංකා මැතිවරණ  කොමිෂන් සභාව කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු වන බව එහි වැඩිදුරටත් දැක්වෙන බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top