Oct 09, 2019

තැපැල් ඡන්දය ලක්ෂ 7ක් අයැදුම්කරලා !

මෙවර ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක් පමණ ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා කියයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ එම තැපැල් අයැදුම්පත් මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවයි.

සුදුසුකම් සපුරා නොමැති සහ අසම්පූර්ණ අයැදුම්පත් ප්‍රතික්ෂේපිත කෙරෙන බවද ඒ මහතා කියා සිටී.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයැදුම්කරුවන්ගේ ගණන නිෂ්චිතවම සඳහන් කළ හැක්කේ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව බවත්, ඒ සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවත් සිල්වා මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම් සිදුවන්නේ මෙම මස 31 වැනිදාත් ලබන මස 1 වැනිදාත් යන දෙදින තුළය.

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top