Oct 09, 2019

ඕස්ට්‍රේලියානු සංචාරයේ නායකයා මාලිංගයි - අසන්ත ද මෙල් Featured

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා විස්සයි - 20 පිල පකිස්තානයට එරෙහිව ඉතිහාසයේ පළමු තරගාවලිය ජය ගත්තද එළැඹෙන ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරන බව ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානී සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා පවසයි.
ඕස්ටේ‍්‍රලියානු සංචාරයට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට අලූතින් ක‍්‍රීඩකයන් හතර දෙනෙකු පමණ එක්වීමට නියමිතව ඇති බවද ඔහු පවසයි. 

මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා ඔස්ටේ‍්‍රලියාව සමග තරග තුනකින් සමන්විත විස්සයි - 20 තරගාවලිය පැවැත්වේ.

 ‘‘අපිට දැන් ස්ථිර ආරම්භක පිතිකරුවකු ඉන්නවා. ධනුෂ්ක ගුණතිලක. ඒ වගේම අංක තුනට භානුක රාජපක්ෂ ඉන්නවා. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාට කණ්ඩායමට එන්න පුළුවන් වෙයි. මීට අමතරව දික්වැල්ලටත් කණ්ඩායමට එන්න හැකියාව තියෙනවා.’’ යනුවෙන් අසන්ත ද මෙල් මහතා අදහස් දැක්වීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top