Oct 09, 2019

මැතිවරණ නීති උල්ලංඝනය කරන දැන්වීම් ප්‍රදර්ශනයට එරෙහිව අධිකරණයට Featured

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර්, කටවුට් හා විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවට හා පරිසරයට සිදුකරන හානි වළක්වා ගැනීමට අද (09) වැනිදා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
පරිසරයට හානි සිදුවන ආකාරයේ කටයුතු හා මහජනතාව අපහසුතාවන්ට පත් කරන දෑ සිදුනොකරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂවලට දිගින් දිගටම උපදෙස් ලබාදුන්නද එය උල්ලංඝනය කරමින් තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක හේමන්ත විතානගේ මහතා පැවසීය.

එබැවින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට පරිසර අධිකාරියට නීති සකස් කිරීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා අද අභියානාධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top