Oct 09, 2019

සිසුවියන් 7ක් අපයෝජනය කළ විදුහල්පතිවරයා යළි රිමාන්ඩ්

කොත්මලේ වැවන්ටන් දමිළ  මහ විද්‍යාලයේ සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළේ  යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ එම විදුහලේ විදුහල්පතිවරයා අද (08) කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත  කිරිමට මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබු ඥානවඩිවු නැමති තිදරු පියෙකි.

එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු අවස්ථා  කිහිපයකදි විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කළේ  යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලීසිය මගින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම නාවලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති විමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top