Oct 09, 2019

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා පෙත්සමක්  Featured

එළඹෙන ජනාධිපතිවරණයේදී සිරකරුවන්ට ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසට අදාළ කමිටුව එම පෙත්සමෙන් ඉල්ලයි.

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව පෙත්සම්කරුවන් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව ඡන්ද බලය අහිමි නොවූ එහෙත් සැකකරුවකු ලෙස හෝ දඬුවම් නියමව බන්ධනාගාරගතව ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තැනැත්තන්ට තම ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය පවතින බවටත් එම සිරකරුවන් අවුරුදු තුනකට අඩු සිරදඬුවම් විදින්නන් විය යුතු බවටත් මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ කරන ලද විමසුමකදී දැනුම් දී ඇතැයි ඒ මහතා කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top