Oct 10, 2019

මධුමාධව පිවිතුරු හෙළඋරුමයේ තනතුරු අත්හරියි

මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයක් පිළිබද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කළ කරුණු පිළිබද ගැඹුරින් අවධානය යොමු කරමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ඉල්ලා අසු වූ බව මධුමාධව අරවින්ද මහතා කියයි.

නිවේදනයක් නිකුත් කරමින් මධුමාධව අරවින්ද මහතා පැවසුවේ, මුස්ලිම් ප්‍රජාව පිළිබඳව සිදු කළ ප්‍රකාශය පිළිබඳව මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ බව ය.

එකී ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදු වීම පිළිබඳව කණගාටුව පළ කරන අතර පක්ෂයේ දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top