මේ අනුව, මෙවර ජනපතිවරණයට තරගවදින අපේක්ෂකයන් 35 දෙනාට රට පුරා කාර්යාල හාරලක්ෂ හතළිස් අටදහස් දෙසිය දහයක් (448,210) පිහිටුවීමට හැකි බවද පැවසේ.
ඡන්ද අපේක්ෂකයාගේ නිවසේ එක (01) කාර්යාලයක්ද, මැතිවරණ කොට්ඨාස බල ප්‍රදේශයකට (දිස්ත්‍රික්කයකට) එක (01) බැගින්ද ඡන්ද ප්‍රදේශ එකිසිය හැටට (160) එක කාර්යාලය බැගින්ද, ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ ඡන්ද කොට්ඨාසයට එක (01) කාර්යාලය බැගින්ද පිහිටුවීමට හැකිය.
ශ්‍රී ලංකාවේ ඇති ඡන්ද කොට්ඨාස ගණන දොළොස්දහස් හයසිය හතළිස් හතර (12,644)කි.
පෝස්ටර් ගලවන්න වියදම කෝටි 4 පනියි
මේ අතර, පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන හතළිස් පහයි දශම අටක (45.8) මුදලක් වෙන්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටී.
පොලිතින් යොදාගෙන සැරසිලි කරද්දී ඒ පිළිබඳව ඇති ජනාධිපති පනතේ ප්‍රතිපාදනවලට අමතරව, ජාතික පාරිසරික පනත ප්‍රකාරව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රතිපාදනවලට අනුවද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ඒ අනුව පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීමේ කටයුතු සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවලට කම්කරුවන් එක්දහස් හතළිස් පහක් (1,045) ආදේශ කරගැනීමට අනුමැතිය ලැබී ඇත.
මූලස්ථාන පොලිසියට කම්කරුවන් තිදෙනකුද, අනෙකුත් පොලිස් ස්ථානයකට කම්කරුවන් දෙදෙනා බැගින්ද යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.