Oct 10, 2019

ප‍්‍රභල ප‍්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් වවුනියාවට දැඩි ආරක්‍ෂාවක් Featured

යුද හමුදාව හා පොලිසිය විසින් වවුනියාව නගරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ආරක්ෂාව දැඩි කොට ඇතැයි වාර්තා වේ.
මාර්ග කීපයක පරීක්ෂා කිරීමේ මුර කවුළු යළි ආරම්භ කොට ඇති අතර වවුනියාවේ වැදගත් ස්ථාන සියල්ලකටම ආරක්ෂාව සපයමින් පළාතේ ආරක්ෂාව දැඩි කොට තිබේ.

යුද හමුදාවේ හා පොලිසියේ මෙම ආරක්ෂක වැඩ පිළිවෙළට අමතර ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ද වවුනියාවේ ආරක්ෂක කටයුතුවලට සහය තැයි පැවසේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ යතුරුපැදි ඒකකය 7 වැනිදා සිට නිරන්තරයෙන්ම වවුනියාව නගරය හා තදාසන්න ප‍්‍රදේශවල පැය විසිහතර පුරාම සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කොට ඇත.

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයට සමාන ප‍්‍රහාරයක් යළි එල්ල විය හැකි බවට පළවූ වාර්තාවලින් පසුව වවුනියාව පුරා මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top