Oct 10, 2019

වැලිකඩ සිරකරුවන් ඝාතන සිද්ධියේ නඩු විභාගයට දින දෙයි

සිරකරුවන් 08 දෙනකු මරා දැමූ බවට  චෝදනා ලබා සිටින මේවන විට ඇපමත මුදා හැර ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 14 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල  නියෝග කර තිබේ.

මෙම නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දීම සඳහා  සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළහ. 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කරනු ලැබ සිටින නියොමාල් රංගජීව සහ එමිල් රංජන් ළමාහේවා යන අය මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top