OPEN

#

OPEN

#

Oct 10, 2019

මේ දක්වා තත්ත්වය සමාකාමියි

නිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්ත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි. 

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සඳහන් කළේ බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා නොවන බවයි.

නීති විරෝධි ප්‍රචාරණ කටයුතු සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ආදී පැමිණිලි පමණක් ලැබෙමින් පවතින බවත් ඒවා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

නාම යෝජනා භාර දුන් දිනයේ කිරිබත්ගොඩ නගරය ඇතුළු නගර රැසක ඉදිකර තිබූ කටවුට් පිළිබඳව කැෆේ සංවිධානය විසින්  මැතිවරණ කොමිසම දැනුවත් කළ බවත්, ඉතා ඉක්මනින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම කටවුට් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්  අහමඩ් මනාස් මහතා පැවසීය. 

මෙම සාධනීය තත්වය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113ක් වාර්තා වී ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top